Friday, May 25, 2018


Image result for ccna

CCNA Exam ගැන දැනගනිමු 



               අදත් හැමදෙනාවම NetHack වෙත ආයුබෝවන් කියල පිලිගන්නවා. අපි පසුගිය ලිපියෙන් කතා කළා මොකද්ද මේ CISCO කියන්නේ කියල. පසුගිය ලිපිය මග හැරුනු කෙනෙක් ඉන්නවනම් මේ link එකට ගිහින් ඒ ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම මම පසුගිය ලිපියෙන් කිවුව මේ ලිපියෙන් CCNA exam එක ගැන කතා කරනවා කියල. ඉතින් අද ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CCNA exam එක ගැන මුලික විස්තර, කොහොමද exam එකට register වෙන්නේ, exam fees ඔය වගේ CCNA exam එකට මුහණ දෙන්න බලාගෙන ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන විස්තර ටිකක්. 

                                  ඔයත් පසුගිය ලිපිය කියෙව්ව කෙනෙක්නම් මතක ඇති ඔයාට මම කිව්වා  CCNA exam එක කියන්නේ අපි හිතන තරම්ම පහසු exam එකක් නෙවෙයි කියල.ඒ වගේම මම කිව්වා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් A/L තරම්වත් අපහසු exam එකක් නෙවෙයි කියල.  තව එක කාරණයක්. CCNA කිව්වට මම ඉදිරියට කතා කරන්නේ CCNA Routing & Switching වලට අදාල කාරනා  විතරයි. මුල් ලිපිය කියෙව්වනම් මතක ඇතිනේ. ඔයාට CISCO පොරක් වෙන්න ඕනි නම් තව paths  තියනවා කියල. එත් මම මගේ NetHack blog එකෙන් කතා කරන්නේ R&S එහෙම නැත්තම් Routing and Switching ගැන.

                                හරි අපි වැඩි විස්තර නැතුව කෙලින්ම කාරනාවට බහිමු. ඔයා CCNA R&S exam එක කරන්න යනවනම් ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා.

  1. ICND 1 ( 100 - 105 )  සහ  ICND 2 ( 200 - 105 ) exam දෙක වෙන වෙනම කරන එක
  2. Complete CCNA R&S ( 200 - 125 ) exam එක කරන එක
ඔය දාල තියන අංක ගැන ඔයා කරදර වෙන්න එපා. ඒවා exam numbers විතරයි.

                                මේකෙන් හොඳ ක්‍රමය මොකද්ද නරක ක්‍රමය මොකද්ද  කියල එකක් නැහැ. ඒක තීරණය වෙන්නේ තමන්ට exam එක කරන්න පුළුවන් විදිහ අනුව. පලවෙනි ක්‍රමේට යනවනම් ඔයාට exam එක steps දෙකකට කරන්න වෙනවා. Steps දෙකක් කියද්දී ඉතින් තේරෙනවනේ complete exam එක තරම් ICND 1 හෝ ICND 2 අමාරු නැහැ කියල. මම මේ  ක්‍රම දෙක ගැනම විස්තර මේ ලිපියෙන් ඉස්සරහට කියන්නම්. එතකොට ඔයාටම තීරණය කරන්න පුළුවන් ඔයාට ගැලපෙන ක්‍රමය මොකද්ද කියල. මුලින්ම මම සම්පුර්ණ CCNA course එකේ syllabus එක දෙන්නම්. මේ link එකෙන් ගිහින් ඔයාට CCNA R&S syllabus එක බලාගන්න පුළුවන් සහ මේ link එකෙන් ඔයාට syllabus එකේ pdf එක download කරගන්න පුළුවන්. ඔයාට syllabus එක ගැන අවබෝදයක් තියනවනම් ඔයා තෝරාගන්න ඕනි මොන ක්‍රමයද කියල තීරණය කරන්න ඔයාට ලේසි වෙයි.

                                හරි මම මුලින්ම පලවෙනි ක්‍රමය ගැන කතා කරන්නම්. ඒ කියන්නේ ඔයා complete exam එක කරන්නේ නැතුව ICND 1, ICND 2 steps දෙකකට කරලා CCNA certified පොරක් වෙන විදිහ ගැන මම මුලින්ම කතා කරන්නම්.

                            මෙතැනදී ඔයාට මම කියල තියනවා වගේ exam දෙකකට මුහුණ දෙන්න වෙනවා. ඒ exam දෙක මොනාද කියල දැන් ඔයාල දන්නවනෙ. ICND 1 සහ ICND 2 exam දෙකේදීම ඔයාට ලැබෙන්නේ ලියන paper විතරයි.. කෙටියෙන්ම කියනවනම් ඔයාට practicle කරන්න නැහැ.ලියන paper කිව්වට ඉතින් ලියන paper ම නෙවෙයි. click කරන paper කියල කියන්න පුළුවන්.මොකද මේ exam ඔයාට කරන්න වෙන්නේ online නිසා. ඔයාට මේ ලැබෙන paper දෙකම MCQ paper. MCQ කියන එක ඉතින් දන්නේ නැති කෙනෙක් නැහැනෙ. හැබැයි අපි O/L වලදී  එහෙමත් නැත්තම් A/L වලදී ලියන MCQ paper වලට වඩා මේ paper ටිකක් වෙනස්. අපි A/L හෝ O/L කරද්දී තියන paper වල හරි උත්තර තියෙන්නේ එකනෙ. හැබැයි මේ paper වල හරි උත්තර එකකට වඩා තියනවා. එතකොට හරි උත්තර දෙකක් තියන ප්‍රශ්නෙක ඔය එක උත්තරයක් විතරක් mark කරලා තිබුනොත් ඔයාට ලැබෙන්නේ මුළු ලකුණෙන් භාගයයි.  අනිත් වැදගත්ම කාරණාව තමා අපිට O/L වලදී හරි A/L වලදී හරි උත්තරයක් වැරදුනාට ලකුණු අඩු උනේ නැහැනෙ. හැබැයි මේ exam වලදී ඔය හරි උත්තරයක් mark කලොත් ඔයාගේ ලකුණු අඩු වෙනවා. එකයි මම කලින් කිව්වේ මේ exam හිතන තරම් ලේසි නැහැ කියල. හැබැයි ඔය හොඳ කල්පනාවෙන් සිහියෙන් paper එක කරනවානම් subject එකනම් අමාරු නැහැ. තව මේ paper එකේ drag and drop ප්‍රශ්න එහෙමත් තියනවා.

                              ICND 1 සහ ICND 2 exam දෙකේදීම ඔයාට මේ ප්‍රශ්න කරන්න ලැබෙන්නේ මිනිත්තු 90යි. මේ විනාඩි 90 දී තමා ඉතින් දන්නා ඔක්කොම වැඩ කෑලි ටික දාල exam එක කරන්න තියෙන්නේ.  ICND 1 සහ ICND 2 exam වලදී cover වෙන topics පහල link වලින් ඔයාට download කරගෙන බලන්න පුළුවන්.

ICND 1 -  Exam Topics
ICND 2 -  Exam Topics

                          CISCO learning center එක කියන විදිහට ICND 1 වලදී  ඔයාට ප්‍රශ්න 45 - 55 අතර ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් සහ  ICND 2 වලදී ඔයාට ප්‍රශ්න 55 - 65 අතර ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයාට මුළු ලකුණු ලැබෙන්නේ 1000 න්. ඔන්න දැන් තමා මම මේකේ භයානකම කොටස කියන්නේ. මේ paper එකේ pass mark එක වෙන්නේ 800-850ත් අතර අගයක්. සාමාන්‍යපෙළ උසස්පෙළ වගේ මේ paper වල A, B, C නැහැ. එක්කෝ pass. නැත්තම් fail. අන්න ඒක තමා ඉතින් පොඩ්ඩක් භයානක. මොකද 850න් pass කරන paper එකක ඔයා 849ක් ගත්තත් fail. ඒ කියන්නේ අයෙත් paper එක කරන්න වෙනවා ඔයාට. ඒකට අර මුළු exam fees එකම ගෙවන්නත් වෙනවා. අනිත් කාරණය 1000න් 850ක් ගන්නවා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම paper එක සුපිරියටම කරලා තියෙන්නම වෙනවා. එක නිසා තමා CISCO certificate වලට මෙච්චර demand එකක් තියෙන්නේ.

                  හරි, ඊළඟට ඔයා complete exam එක කරන්න බලාපොරොත්තු වෙනවනම් මම දැන් කියන්න හදන්නේ ඒ exam එක ගැන විස්තර. මේකෙදිත් paper එක ඔයාට හම්බවෙන්නේ උඩ paper විදිහටම තමා. MCQ paper එකක්. Drag and drop ප්‍රශ්න එහෙමත් තියනවා. Cisco learning center එක කියන විදිහට මේ paper එකට ප්‍රශ්න 50-60 ත් අතර ප්‍රමාණයක් එනවා. ඔයාට මේ paper එකටත් විනාඩි 90ක් ලැබෙනවා පිළිතුරු සපයන්න. මේකෙත් pass mark එක වෙන්නේ 800-850 ත් අතර අගයක්. මේ paper එකේ cover වෙන topics ටික උඩ link එකට ගිහින් ඔයාලට බලන්න පුළුවන්. මේ paper එකේදිත් ඔයා බැරි වෙලාවත් fail උනොත් අයෙමත් මුළු මුදලම ගෙවල නැවත කරන්න වෙනවා.

                     ඊළඟට ඔයාලට තියන ලොකුම ප්‍රශ්නේ තමා exam fees. CISCO certificate එක ගොඩක් වටිනවා වගේම CISCO ලගේ exam fees එකත් සාමන්යෙන් ටිකක් වැඩියි. මේකට හේතුව මම දන්නේ නැහැ. හැබැයි හරියට exam එක pass වෙන කෙනෙක්ට එයාගේ මුල්ම salary එකෙන්ම මේකට වියදම් කරපු මුළු මුදලම ආයෙ හම්බකරගන්නනම් පුළුවන්. මොකද CISCO certificate එක ඒ තරමටම වටිනවා. ඔයා පලවෙනි ක්‍රමේට exam එක කරනවානම් ඔයාට එක paper එකකට $165ක් ගෙවන්න ඕනි. ඒ කියන්නේ paper දෙකටම $330ක් වගේ ගානක්.ඒ කියන්නේ මේ දවස් වල ඩොලරයේ අගයේ හැටියට ආසන්න වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් 50,000 ක් වගේ වෙනවා. දැන් තේරෙනවනේ මේ exam එකේ තියන බරපතලකම. ඔයා මොකක්ම හරි හේතුවක් නිසා fail උනොත් අයෙත් රුපියල් 50,000ක් විතර ගෙවන්න වෙනවා exam එක කරන්න. ඒ වගේම තමා ඉතින් ඔයා pass උනත්. ඒ මුදල වැඩිය දැනෙන්නේ නැති විදිහේ salary එකක් තියන job එකක් හොයාගන්න ඔයාට පුළුවන්. ඊළඟට ඔයා complete exam එක කරනවනම් $325ක් පමණ ගෙවන්න වෙනවා. කොහොමත් දෙකටම අසන්න වශයෙන් වියදම් වෙන්නේ එක සමාන මුදලක්.

                           හරි, ඔය කොහොම හරි මහන්සි වෙලා වැඩ කරලා exam එක pass වෙන CCNA පොරක් උනා කියල අපි හිතමු. එතකොට ඔයාට ලැබෙනවා CCNA certificate එකක්. මේ සහතිකයට වලංගු කාලයක තියනවා. මොකද CISCO නිතරම update වෙනවා. ඒකනිසා අනිවාර්යෙන්ම certificate එකත් update කරගන්න අපිට සිද්දවෙනවා. හරියට අපේ driving license එක වගේ.CCNA certificate එක අවුරුදු තුනකට (3) වලංගුයි.

                       Exam එක online උනාට ඔයාට ගෙදර ඉඳන් paper එක ලියන්න බැහැ. ඔයා මුලින්ම exam එකට register වෙන්න ඕනි. ඊළඟට ඔයාට ලැබෙන දවසට ඔයාට ලංකාවේ exam center එකකට යන්න වෙනවා paper එක කරන්න.

             හරි, දැන්නම් exam එක ගැන දැනගන්න ඕනි විස්තර ඔක්කොම වගේ මම කියල තියෙන්නේ. මට miss වෙච්චි දේවල් මොන හරි තියනවනම් පහලින් comment කරගෙනම යන්න. CCNA certificate එක ගොඩක් වටිනවා කියල මම කිව්වට ඇත්තටම  එක වටිනවද නැද්ද කියල අපිට තීරණය  වෙන්නේ CCNA certificate එකට ලැබෙන salary එක අනුවනේ. හැබැයි ඒක මම මේ ලිපින්නම් කියන්නේ නැහැ. මොකද ලැබෙන salary එක ඔය වැඩකරන company එක මොකද්ද කියන එක මතත් තීරණය වෙනවනේ. හොඳම වැඩේ තමා ඔය පොඩ්ඩක් internet එකට ගිහින් හොයල බලන්න. දන්න අය ඉන්නවනම් එකත් පහලින් comment කරගෙනම යන්න.

                    එහෙනම් අදට මේ ලිපියෙන් මම කතා කරන්න හිතාගෙන හිටිය දේවල් ඔක්කොම මම කිව්වා කියල මම හිතනවා. ඊළඟ ලිපියේ ඉඳන් මම පාඩම් මාලාව පටන් ගන්නවා. අද ලිපියේ මොන හරි අඩුපාඩු තියෙන්න පුලවන්. කියවන ඔයා සමහරවිට මේ දේවල් ගැන හොඳට දන්නා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් අනිවාර්යෙන්ම ඒවා comment කරගෙන යන්න. එක මටත් ඉගන ගන්න ලොකු උදව්වක් වෙයි අනිවාර්යෙන්ම. හරි එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙනකම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා..!

  - බුද්ධික -

Image result for ccna certificate

Sunday, May 20, 2018

Image result for cisco png

මොකක්ද මේ  CISCO



                                  IT කියන්නේ දැන් ලංකාවේ තියන trending ම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ.  Google trends වලට ගිහින් C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT related වචන බැලුවොත් හුගක් වෙලාවට list එකේ උඩම ලංකාව ඉන්නවා. C, C++ වගේ වචන වලට උඩම ඉන්නේ අපේ මේ පුංචි රට.  ඉතින් මන් හිතන්නේ ලංකාවේ කාලෙන් කාලෙට එක එක trends ආවට  ලංකාවේ තියන most trending මාතෘකාව IT කියල තමා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ IT faculties, IT courses තියන තරමෙන්ම  ලංකාවේ අපිට තියන IT පිස්සුව හොදට තේරෙනවා. ඒ කොහොම උනත් ලංකාවේ IT field එක කිවුවම හැමෝගෙම ඔලුවට එන දේ  තමා Software Engineer කියන වචනය.  හැබැයි ලෝකේ තියෙන්නේ Software Engineering විතරද. ලංකාවේ ඉන්නේ Software Engineers ල විතරද. අන්න ඒ ප්‍රශ්නෙට විසදුමකුත් අරගෙන තම මම මේ NetHack blog එක පටන් ගන්නේ.
           
                               මම කලින් කතා කලානේ ලංකාවේ තියෙන්නේ Software Engineering විතරද කියල. නැහැ  ලංකාවේ SE ඒ  කිව්වේ Software Engineering වලට අමතරව වෙනත් IT related field වල අති   දක්ෂයෝ ඉන්නවා. කොහම උනත් ලංකාවේ IT කිව්වම අපේ ඔලුවට එන්නේ SE තමා..  NetHack වලින් මම කතා කරන්නේ IT field එකේ තියන වැදගත්ම කොටසක් වන Networking ගැන. එකෙත් මම ගොඩක්ම දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CISCO certifications ගැන. ඔයා networking වලට අලුත් කෙනෙක්නම් මේක ඔයාට ටිකක් අමුතු ඇති. CISCO කියන වචනේ ඇහුවෙත් සමහරවිට අදම වෙන්න පුළුවන්. එත් මේ post ඔය හොඳට මුල ඉඳන් අගටම කියෙව්වොත් ඔයාට CISCO certifications ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.

                           කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. ඒ කියන්නේ හරියට apple කියන්නේ mobile phone ලෝකේ බලවතා වගේ CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. (මමනම් use කරන්නේ Samsung phone එකක්😅😅) .  CISCO company එක ප්‍රධාන වශයෙන්  කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක  කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල. එතකොට මේ ඇමරිකාවේ තියන company එකක් ගැන කිවුවට අපිට වැඩක් නැහැනේ කියල ඔයාලට හිතුන වෙන්න පුළුවන්. ඔවු . හැබැයි මේ CISCO company එක certificate එකක් issue කරනවා. හරියට Java වලට Oracle certificate තියනවා වගේ. එකක් කිවුවට CISCO ල certificate  ගොඩක් issue කරනවා. මේ CISCO certificate එකක් තියන කෙනෙක්  වෙනවා කියන්නේ networking industry එකේ ඉතා ඉහල පිළිගැනීමක් තියන කෙනෙක් වෙනවා කියන එක.හරි අපි දැන් බලමු මොනාද මේ CISCO issue  කරන certificate කියල.


CISCO certificate issue කරන ප්‍රධාන path 10 ක් තියනවා.

  1. Cloud
  2. Collaboration
  3. Cyber Security Operations
  4. Data Center
  5. Design
  6. Industrial
  7. Routing and Switching
  8. Security
  9. Service Provider
  10. Wireless
මේ හැම path එකේම එක එක level තියනවා.  හුගක් වෙලාවට level 3ක් තියනවා. level 4ක් තියන ඒවත් තියනවා. ඒ කියන්නේ හරියට NVQ certificate වගේ.. එක එක course තියනවා වගේම ඒවාට එක එක level තියනවා. NVQ-3 , NVQ-4 වගේ.
   
Image result for cisco certification



මේ image එකෙන් ඔයාලට හොඳ අවබෝදයක් ගන්න පුළුවන් වෙයි.
මේ ලින්ක් එකට ගිහින් ඔයාලට වැඩි විස්තර බලාගන්න පුළුවන්.




                                  මේ certificate අතරිනුත් වැඩියෙන්ම මිනිස්සු කරන certificate එක තමා Routing and Switching certificate එක.  ලංකාවේ මේ course එක කරන්න තැන කිහිපයක්ම තියනවා. එත් ඒ දේවල් ඉගන ගන්න තියන සිංහල resources ඉතාම අඩුයි. ඉතින් මම ඉදිරි ලිපි මාලාවකින්  CISCO Routing and Switching ගැන  කතා කරන්නම්. අපි දැන් බලමු අපි කොහොමද මේ certificate එකක් ගන්නේ කියල.

ලංකාවේ CISCO course එකක් කරන්න පුළුවන් තැන කිහිපයක්ම තියනවා. මම මේ අයගේ website වල link පහලින් සඳහන් කරන්නම්.

  • http://www.netassist.com.lk/
  • http://www.ccnalk.com/
  • http://cnc.mrt.ac.lk/p/ccna-routing-and-switching.html
  • http://turnkey.lk/cisco-certified-network-associate/
  • http://www.greatlakesl.com/cisco-training
  • http://www.ewin.lk/index.php?module=CCNA
  • http://www.lavtc.lk/courses/6-12-months-courses/computer-technology-courses/167-cisco-certified-network-associate-full-time-weekdays
  • http://mcsitcampus.com/it-professional/ccna/
  • https://www.coursenet.lk/course/1032/cisco-ccna
  • http://www.slt.lk/en/training-center/courses/data-communication

                    මේ තැන් වලට අමතරව ඔයාල දන්නා තව තැන තියනවනම් අනිත් යටත් බලාගන්න පහලින් comment කරගෙනම යන්න. හැබැයි මේ තැන්  වලට ගියා කියල ඔයාලට CISCO certificate එකක් ගන්න බැහැ. මොකද මේ කාටවත් බලයක් නැහැ certificate එක issue කරන්න. මේකත් හරියටම අපි ඒ ලෙවල් කරනවා වගේ. (හැබැයි එච්චර එපා වෙන්නේනම් නැහැ 😅😅). මම එහෙම කිවුවේ අපි ඒ ලෙවල් වලට ඉගන ගන්න private class යනවනේ.  හැබැයි ඒ class වල සර්ලට බැහැනේ අපිට ඒ ලෙවල් certificate එක දෙන්න. මේකත් ඒ වගේ තමා.. අපි ඔය උඩ සඳහන් කරලා තියන තැන වලට ගිහිල්ල ඉගන ගත්තට අපිට CISCO company එකෙන් දෙන exam එක කරන්න සහ ඒ exam pass වෙන්න වෙනවා CISCO certificate එක ගන්නනම්.
Image result for exam fear


                හැබැයි මේ exam හිතන තරම් ලේසි exam නම් නෙවෙයි . හැබැයි ඔය මහන්සි වෙලා වැඩ කරනවානම් එච්චර අමාරුවකුත් නැහැ.  ඔයාට එක එක level වලට වෙන වෙනම exam කරන්න වෙනවා.
උඩ  image එකේ තියන විදිහට  සාමාන්යෙන් එක path එකක level 3ක් තියනවා. අපි CISCO Routing and Switching උදාහරණයට ගම්මුකො. එකේ ප්‍රධාන වශයෙන් level 3ක් තියනවා.

  1. CCNA - CISCO Certified Network Associate 
  2. CCNP - CISCO Certified Network Proffrsional
  3. CCIE - CISCO Certified Internetwork Expert
                   ඔය ටික තමා level 3. එතකොට ඔය හැම level එකටම exam තියල ඒක pass වෙන අයට තමන්ගේ නමට යටින් ඔය certificate එකේ නම දාගන්න පුළුවන්. Level 3ක් කිවුවට Routing and witching වලට නම් තව entry level එකකුත් තියනවා. ඒ CCENT. එක තමන් කැමතිනම් කරන්න පුළුවන්. Level 3ක් කිවුවට ඔයාගේ නමට value එකක් add වෙන්න level 3ම කරන්න ඕනි කියල කතාවක් නැහැ. CCNA exam එක pass වෙනවා කියන්නෙත් සැලකියයුතු තරම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඒක ලංකාවේ විදිහට ඔයා උසස් පෙළ pass උනා වගේ සලකන්න පුළුවන් අපිට.  ඊට පස්සේ CCNP එක degree එකක් ගත්ත වගෙත් CCIE එක PhD එකක් ගත්ත වගෙත් සලකන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවනේ මේ certificate එකේ තියන වටිනාකම. ඔයා සාමාන්‍යපෙළ පවා  fail උන කෙනෙක් උනත් ඔයාට CCIE level එකට එන්න පුළුවන් කියන්නේ ඔයා PhD එකක් ගත්ත කෙනෙක් වගේ තමා. මොකද ඔයා exam එක කරන්න යද්දී එයාල කවදාවත් ඔයාගේ A level certificate එහෙම බලන්නේ නැහැ. ඔයාට exam එක pass වෙන්න පුලුවන්නම් එච්චරයි.

                   ඊළඟට exam තියන විදිහ ගැන කතා කතා කලොත් මේකේ ලියන exam වගේම lab exam තියනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කියනවනම් practicle තියනවා කියන එක. මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන Routing and Switching වල exam ගැන කතා කලොත් CCNA level එකේදීනම් ඔයාට තියෙන්නේ ලියන exam එකක් විතරයි. CCNP වලදීත් එහෙමයි. ඔයාට lab exam තියෙන්නේ CCIE level එකේදී. CCIE වලදී ඔයාට ලියන exam වගේම lab exam එකකුත් තියනව. තව විස්තර කරනවානම් CCNP level එකේදී exam 3ක් තියනවා ඔයාට.

  • Routing
  • Switching
  • T-Shoot (Trouble Shoot)
                  ඔය විදියට තමා exam තියෙන්නේ.  මම exam තියන විදිහ ගැන කතා කලේ හුඟක්ම කෙටියෙන්. මම ඊළඟ ලිපියෙන් exam තියන විදිහ, exam fess,  exam වලට ලෑස්ති වෙන විදිහ තව exam වලට register වෙන විදිහ වගේ දේවල් ගැන කතා කරන්නම්... ඊට පස්සේ ලිපි මාලාවෙන් අපි CCNA පාඩම් වලට යමු.  ම්ම්.. හරි එහෙනම්.  අදට ඔය ටික තමා කතා කරන්න ඕනි උනේ.. අපි එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු... ආ තව දෙයක් කියන්න අමතක උනා... මේ ලිපියේ අඩුපාඩු තියෙන්න පුළුවන්... එහෙම තියනවනම් අනිවාර්යෙන්ම පහලින් comment කරගෙන යන්න... එතකොට මටත් ඉගන ගන්න පුළුවන් වගේම blog එක කියවන අයගේ දැනුමටත් හොඳයි... හරි එහෙනම් ඉවරයි...😇😇😇... ඊළඟ ලිපියෙන් මුණගැහෙනකන් හැමෝටම ජය වේවා...

    -බුද්ධික-